ළමුන් තුළ ආචාරධර්ම සහ යහපත් ගුණධර්ම වර්ධනය කරන්නේ කෙසේද? (වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය මඟපෙන්වීමක්)
ළමුන් තුළ ආචාරධර්ම සහ යහපත් ගුණධර්ම වර්ධනය කරන්නේ කෙසේද? (වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය මඟපෙන්වීමක්) අද වන විට අපේ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන ප්‍රධාන මාතෘකාවක් වන්නේ දරුවන් අතර ගුණධර්ම සහ හික්මීම පිරිහී යාමයි. තාක්ෂණය කොතරම් දියුණු වුවත්, දරුවෙකුගේ ජීවිතය සාර්ථක වීමට නම් දැනුමට වඩා යහපත් ගුණධර්ම, වැඩිහිටියන්ට ගරු කිරීම සහ මනුෂ්‍යත්වය අත්‍යවශ්‍ය වේ. එබැවින් පාසලේදී සහ නිවසේදී දරුවන්ට යහපත් ආචාරධර්ම උගන්වන්නේ කෙසේද යන්න දෙමාපියන් සහ ගුරුවරුන් නිතර සොයා බලන කරුණකි. මගේ අත්දැකීමට අනුව නම් වැඩිහිටියන් දරුවන්ට හැම හැම විටම ආදර්ශමත් විය යුතුයි.දරුවන් නිරන්තරයෙන්ම අපව අනුකරණය කරයි.අපි කතා කරන ආකාරය අන් අයට සලකන ආකාරය අපි සමාජයේ හැසිරෙන ආකාරය දරුවන් නිතර බලා සිටි.අප යහපත් ආදර්ශයක් දරුවන්ට ලබාදුන්හොත් ඔවුන් ද ඒ මගෙහි යනු ඇත. කුඩා කල සිටම දරුවන්ට අනුන්ට උදව් කිරීමට ඒ වගේම තමන්ට යමෙක් උදව් කළ විට ස්තූති කිරීමට අන් අයට ගරු කිරීමට එනම් දරුවන් තුළ යහකුණ වර්ධනය කළ යුතුයි.අද තාක්ෂණ පෙරළියත් සමග වැඩිහිටියන් බොතාක්ෂණවේදය තාක්ෂණය සමඟ ගත කරන විට දරුවන් ඔවුන්ගේ ලෝකවල හුදෙකලා වෙනවා. ඒ නිසාම අපේ වේලාවේ මදක් ...